Posts

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

Image
[අමාලි වෙදගෙදර ජ නාධිපතිවරණයට පින්සිඳු වන්නට ග්‍රාමීය ණය අර්බුදය පිලිබද ප්‍රශ්නය යලි කරලියට පැමිණ ඇත. සමහර අපේක්ෂකයින් ග්‍රාමීය ණය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙන විට අනෙකුත් අය ග්‍රාමීය ණයගැතිභාවයට සහ ග්‍රාමීය ආර්ථිකයේ ඇති අර්බුදයට පිළියම් සොයන බවට පොරොන්දු දෙති. රටේ පාලන තන්ත්‍රයේ ඉහලම පුටුවට යන්නට මහජන බලය බලාපොරොත්තු වන්නන්, මෙම ප්‍රශ්නයට එවැනි ඉහල අවධානයක් යොමු කිරීම හොද වර්ධනයක් වන නමුත් ඔවුන්ගේ පොරොන්දු අපි බාරගත යුතු වන්නේ පරිස්සමෙනි. ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීම විසඳුමක් සෙවීමේ පළමු පියවරයි. ණය ප්‍රශ්නයේ වැඩිහරියක් තවමත් විසඳීමට ඉතිරිව ඇත. දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වලින් ඉගෙන ගත හැකි දෑ ඇත. මෙම ලිපියෙන් අදහස් කෙරෙන්නේ ග්‍රාමීයව සහ නාගරිකව පවතින ණය අර්බුදය තේරුම් ගැනීමටයි. මේ ණය අර්බුදය අවුරුදු 15කට වඩා වේගයෙන් රජය විසින් සිදු කරගෙන යන මුල්‍යකරණ ප්‍රතිපත්තියේ සෘජු ප්‍රතිපලයක් බවට මම කරුණු දක්වමි. 2018 වර්ෂයේදී රජය විසින් ඉදිරිපත් කල ණය සහන වැඩසටහනින් ණයබර අවම කිරීමට කල දායකත්වයද ගැටළුකාරිය. තමන්ගේ මුලික අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට මිනිසුන්ට නොහැකි වාතාවරනයක ණය අහෝසිකිරීමෙන

ටර්මිනේටර් : සීසන් 2

Image
නි ලධාරිවාදී ගර්වයෙන් පිම්බුණු ලාංකීය ටර්මිනේටර්වරයාගේ පෙනුම ඔහුගේ   වැඩිමහල් සහෝදරයා සතුව තිබුණු ජනප්‍රිය මහජන දේශපාලනඥයාගේ පෙනුමට වඩා බෙහෙවින් වෙනස් වුවද , එය අඩු වැඩි වශයෙන් සමාන වන්නේ ජනප්‍රිය දේශපාලනඥයෙක්ගේ පෙනුමට වඩා ලතින් ඇමරිකානු පන්නයේ හමුදා ඒකාධිපතියෙක්ගේ පෙනුමට වුවද , ටර්මිනේටර්වරයාගේ ආගමනය සිංහල සමාජය තුල මහත් උද්‍යෝගීමය ප්‍රතිචාරයක් ජනිත කොට තිබේ. මෙය එක් අතෙකින් අමුතු දෙයක් නොවේ. 2018 වර්ෂයේ පැවැත්වුනු පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගැන්මෙන් පසු, එම පක්ෂය ආණ්ඩු බලය ඩැහැගැනීම හුදෙක් කාලය පිලිබද ප්‍රශ්නයක් පමණක් විය. ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය කවරෙක් ඉදිරිපත් කල ද සිංහල සමාජය තුල එම තරගයේ වැඩි වාසිය ටර්මිනේටර්වරයා සතු බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණාවකි. රටේ විනය නැතිවීම ගැන විස්සෝප වන, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ සිය පූර්ව වාර්තාව ගැන උදම් අනන, නාගරික සංවර්ධනය ‘විධිමත්’ කිරීම ගැන අධිකාරීමය ලෙස ප්‍රතිඥා දෙන ටර්මිනේටර්වරයාගේ ආගමනය විසින් නොවැලැක්විය හැකි ප්‍රති-ප්‍රවාදයක් නිර්මාණය කොට තිබේ. එනම් ගෝඨාභය නැවැත්වීම සදහා සියලු විකල්ප

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

Image
I මීට අවුරුදු ගනනාවකට ප්‍රථම - ඒ කියන්නේ 1990 දශකයේ අග භාගයේ - භාතිය සහ සංතුෂ් පලමුවරට ‘වසන්තයේ’ නම් ගීතය ගායනා කරමින් සිංහල සංගීත ලෝකයට ප්‍රවිෂ්ට වූහ. මේ දෙපොලගේ සංගීත ආගමනය එවකට මහත් ආන්දෝලනයක් ඇති කලේ ඔවුන් ඇතැම් පැරණි සිංහල ගීතවලට ඉංග්‍රීසි බසින් යෙදෙන රැප් එකතු කොට ඒවා යලි ගායනය කල නිසාය. එකල ඔවුන්ට විරුද්ධ වූ ප්‍රවීණයින් අතර ප්‍රමුඛයෙක් වූයේ වික්ටර් රත්නායකය. එක්තරා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් වික්ටර් රත්නායක ඒ කාලයේ පැවසුවේ මේ යන විධිහට ගියොත් සීගිරි අප්සරාවන්ට බිකිනි අන්දනු ඇති බවත්, මඩොල් දූවේ උපාලි සහ ජින්නා දූපතෙහි සමලිංගික රැගුම් පානු දැක්වෙන චිත්‍රපට නිර්මාණය වනු ඇති බවත්ය. භාතිය සංතුෂ් ලංකාවේ සංගීතය තුල එක්තරා විධිහක නව ප්‍රවණතාවයක පුරෝගාමියෝ වෙති. වික්ටර් රත්නායක පන්නයේ ප්‍රවීණයෝ සංගීතය කල යුගය - ලියනගේ අමරකීර්තිගේ කුරුලු හදවත නවකථාවේ විස්තර වන - ප්‍රේමකීර්ති හා සුමනා නෙල්ලම්පිටිය වැනි අය ගුවන්විදුලිය තුල ආධිපත්‍යය දැරූ යුගයයි. මේ යුගයේ සිංහල සංගීතයේ අධිපති ධාරාව නිර්වචනය වූයේ වාණිජ්‍යමය ප්‍රේරණයන් තුලින් නොවේ. 90 දශකය මැද භාගයේ ඇති වූ එෆ්එම් ගුවන් වි

ජුලියන් අසාන්ජ් අපායේ දොරටුව පාමුල

Image
[ ටරික් අලී ඉක්වදෝරයේ තානාපති කාර්යාලයේ හෙතෙම ලැගුම් ගෙන සිටිය දී ජුලියන් අසාන්ජ්ව බැලීම පිණිස මා කිහිප වතාවක් ගොස් ඇත. ඒ රෆායල් කොරයා ඉක්වදෝර ජනාධිපති ලෙස සිටි කාලයේදීය. ඒ කාලයේ එම තානාපති පරිශ්‍රය තුල නිදහස්කාමී අවකාශයක හැගීම විය. මීට සති කිහිපයකට ප්‍රථම මම යලිත් ඔහුව හමුවීමි. ඒ වනවිට කොරයාගේ අනුප්‍රාප්තිකයා වූ ලෙනින් මෙරේනෝ සෑම තලයකදීම ඇමරිකානු අධිරාජ්‍යයට යටත් වී තිබුණි. තානාපති කාර්යාලය සිරගෙයක් බවට පත්වෙමින් තිබුණු අතර අසාන්ජ්ගේ සෞඛ්‍ය තත්වය පිරිහෙමින් පැවැතිණ. ඔහුව පිටුවහල් කරන බවට එක්සත් ජනපදය මොරේනෝගෙන් ඉල්ලා තිබෙන බව සහ ඒ අනුව ඔහුව  පිටුවහල් කෙරෙනු ඇති බවට ඒ වනවිට හෙතෙම දැන සිටියේය. ඔහුව උදර්පණය කරන ලෙස එක්සත් ජනපදය කරනු ලැබූ ඉල්ලීම තවදුරටත් රහසක් නොවීය. ඒ අනුව අද දින ඉක්වදෝර තානාපති කාර්යාලය අසාන්ජ්ව බ්‍රිතාන්‍ය පොලිසියට භාර දුන්නේය. අප ජීවත් වන්නේ නීතිවලට ගරු කරන ලෝකයක නම්, ඇප රීතිවලට අවනත නොවීම සම්බන්ධයෙන් අසාන්ජ්ට එරෙහිව චෝදනා ගොනු කෙරෙනු ඇති අතර එක්කෝ ඔහුට දඩ ගසනු ඇත; නැතිනම් සති කිහිපයකට බන්ධනාගාරගත කෙරෙනු ඇත. එසේත් නැතිනම් ඔහුගේ උපන් රට වූ ඔස්ට්‍රේලියාව

අය වැය සහ කම්කරු නීති ප්‍රතිසංස්කරණ : නියාමනය දුර්වල කිරීම සදහා වූ ට්‍රෝජන් අශ්වයෙක්

Image
[ ලක්මාලි හේමචන්ද්‍ර 2015 වර්ෂයේ දී බලයට පත් වූ තැන් පටන් යහපාලන ආණ්ඩුව විසින් ඉදිරිපත් කල සෑම අයවැයක්ම මහත් අවධාරණයකින් යුක්තව කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සදහා වූ අවශ්‍යතාවය ප්‍රකාශ කලේය. 2019 අය වැය යෝජනා ශ්‍රම බලකාය තුල කාන්තා සහභාගීත්වය ඉහල නැංවීම සදහා වූ උපාය මාර්ගයක් ලෙස කම්කරු නීති ප්‍රතිසංස්කරණය හදුන්වා දී තිබේ. මුදල් අමාත්‍යවරයාට අනුව ‘අනම්‍ය කම්කරු නීති’ - වෙනත් කරුණු අතර - ‘කාන්තාවන් ශ්‍රම බලකාය අත් හැර යාමට හෝ ශ්‍රම බලකායට කිසිසේත්ම ඇතුලුත් නොවීමට බලපාන හේතුවක් ලෙස හදුනාගනු ලැබ ඇත 1 ’. මේ පදනම මත කාන්තාවන්ව ශ්‍රම බලකායට ඇතුලත් කිරීම සදහා වූ ක්‍රියාමාර්ග ලෙස අර්ධකාලීන සේවය ප්‍රවර්ධනය කිරීම, නම්‍යශීලී වැඩ මුර හදුන්වාදීම හා නිවසේ සිට වැඩ කිරීම සදහා පහසුකම් සැපයීම ආදිය සිදුකෙරෙන ආකාරයට කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සදහා යෝජනා ඉදිරිපත් කොට තිබේ. සියලුම කම්කරු නීති එක් තනි නීති සංග්‍රහයක් තුලට සංයුක්ත කිරීම සදහා කම්කරු අමාත්‍යවරයා විසින් මේ වනවිට ගෙන යනු ලබන වැඩපිලිවෙල සමග මෙකී යෝජනා සහසම්බන්ධිතය.   ලංකාවේ කම්කරු නීති ප්‍රතිසංස්කරණ සදහා වූ යෝජනාවල ඉතිහාසය

2019 අය වැය : මිල්ටන් ෆ්‍රීඩ්මාන්ට සුබසාධනවාදී වෙස්මුහුණක් දැමීම

Image
 [ අමාලි වෙදගෙදර  2019 වර්ෂය සදහා රජය පසුගිය දා ඉදිරිපත් කල අය වැය මූල්‍ය සමාගමක් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ණය පහසුකම් ලැයිස්තුවකට වෙනස් නැත. දරිද්‍රතාවය, විරැකියාව, කෘෂිකර්මය හෝ ධීවර කර්මාන්තය ආදී ක්ෂේත්‍රවල දක්නට ලැබෙන පරිහාණිය හෝ 2018 වර්ෂයේ දී දක්නට ලැබුණු රුපියල අවප්‍රමාණය වීම නිසා ඇති වූ සාර්ව ආර්ථික අස්ථායිතාවය ස්ථාවර කිරීම ආදී සමාජ ආර්ථික ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම සදහා වගකීම්සහගත ආණ්ඩුවක් විසින් ඉදිරිපත් කරන අය වැය හා මූල්‍ය පිලිවෙත්වලින් යුක්ත වැඩපිලිවෙලක ස්වභාවය ඒ තුල දක්නට නැත. විසල් සුබසාධන වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන වේෂයෙන් ආණ්ඩුව ශ්‍රී ලංකාව තුල ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සදහා යැයි කියමින් විවිධ ණය යෝජනා ක්‍රම පිලිබද යෝජනා සමුදායක් ඉදිරිපත් කොට තිබේ. ද්විත්ව ණය අර්බුදයකට මුහුණ දී සිටින රටක, එනම් ජාතික මට්ටමින් වගේම කුටුම්භ මට්ටමින් ද ණය ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් ලෙස පවතින රටක ණය ගැනීම් තවදුරටත් ප්‍රවර්ධනය කරන මෙබදු ‘ණය - සුබසාධන’ ප්‍රතිපත්තියක් ඛේදනීය ප්‍රතිඵල ඇති කිරීමෙහිලා සමත්ය. මෙරට තුල 1977 සිට ක්‍රියාත්මක කල ආර්ථික ප්‍රතිපත්ති දෙස බලන විට අපට ප