දේශපාලන අර්බුදය සහ පහල මාලයේ දේශපාලන බලයක් ගොඩනැගීම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ එම ධූරයෙන් ඉවත් කිරීම සමග ඇති වී තිබෙන නව දේශපාලන වටපිටාව පිලිබදව 'පහල මාලයේ ජනයා බල ගැන්වීමේ ව්‍යාපාරය' විසින් නිකුත් කල නිවේදනය පහත පල වේ. උතුරේ සහ දකුණේ ගොවි, ධීවර, කම්කරු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයින්ගෙන් සමන්විත පහල මාලයේ ජනයා බල ගැන්වීමේ ව්‍යාපාරය එම ජනයාගේ දේශපාලන අභිලාෂයන් නියෝජනය වන බලවේගයක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කොට මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කොට ඇත. විධායක ජනාධිපතිවරුන් විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී සාම්ප්‍රදායන්ට පිටුපාමීන් බලය අපයෝජනය කිරීම ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමක් නොවන අතර සිරිසේන ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාමාර්ගයද එවැනිම වූ ක්‍රියාවකි. ඒ මගින් ප්‍රභූ දේශපාලන පර...