Posts

Showing posts from April, 2019

ජුලියන් අසාන්ජ් අපායේ දොරටුව පාමුල

Image
[ ටරික් අලී ඉක්වදෝරයේ තානාපති කාර්යාලයේ හෙතෙම ලැගුම් ගෙන සිටිය දී ජුලියන් අසාන්ජ්ව බැලීම පිණිස මා කිහිප වතාවක් ගොස් ඇත. ඒ රෆායල් කොරයා ඉක්වදෝර ජනාධිපති ලෙස සිටි කාලයේදීය. ඒ කාලයේ එම තානාපති පරිශ්‍රය තුල නිදහස්කාමී අවකාශයක හැගීම විය. මීට සති කිහිපයකට ප්‍රථම මම යලිත් ඔහුව හමුවීමි. ඒ වනවිට කොරයාගේ අනුප්‍රාප්තිකයා වූ ලෙනින් මෙරේනෝ සෑම තලයකදීම ඇමරිකානු අධිරාජ්‍යයට යටත් වී තිබුණි. තානාපති කාර්යාලය සිරගෙයක් බවට පත්වෙමින් තිබුණු අතර අසාන්ජ්ගේ සෞඛ්‍ය තත්වය පිරිහෙමින් පැවැතිණ. ඔහුව පිටුවහල් කරන බවට එක්සත් ජනපදය මොරේනෝගෙන් ඉල්ලා තිබෙන බව සහ ඒ අනුව ඔහුව  පිටුවහල් කෙරෙනු ඇති බවට ඒ වනවිට හෙතෙම දැන සිටියේය. ඔහුව උදර්පණය කරන ලෙස එක්සත් ජනපදය කරනු ලැබූ ඉල්ලීම තවදුරටත් රහසක් නොවීය. ඒ අනුව අද දින ඉක්වදෝර තානාපති කාර්යාලය අසාන්ජ්ව බ්‍රිතාන්‍ය පොලිසියට භාර දුන්නේය. අප ජීවත් වන්නේ නීතිවලට ගරු කරන ලෝකයක නම්, ඇප රීතිවලට අවනත නොවීම සම්බන්ධයෙන් අසාන්ජ්ට එරෙහිව චෝදනා ගොනු කෙරෙනු ඇති අතර එක්කෝ ඔහුට දඩ ගසනු ඇත; නැතිනම් සති කිහිපයකට බන්ධනාගාරගත කෙරෙනු ඇත. එසේත් නැතිනම් ඔහුගේ උපන් රට වූ ඔස්ට්‍රේලියාව