Posts

Showing posts from February, 2019

සංවිධිත කම්කරු අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රති-ත්‍රස්ත පනතේ තර්ජනය

Image
[ ශිරන් ඉලන්පෙරුම - සමාජ සාධාරණත්වය සදහා මහජන ව්‍යාපාරය  2 018 ඔක්තෝබර් 9 වන දා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත ‘අඩු නපුරක්’ ලෙස සමාජය ඉදිරියේ හුවා දැක්වීමට ඇතැම් පාර්ශව විසින් කටයුතු කරනු දක්නට ලැබේ. කෙසේ වූවද, මෙම කෙටුම්පත විසින් කම්කරුවන්ගේ හා වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් සම්බන්ධයෙන් මතු කරන ගැටලු බොහෝ අය විසින් නොතකා හරින බව පෙනෙන්නට තිබේ. ප්‍රති-ත්‍රස්ත පනත යනු 1978 දී සම්මත කල ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත විස්ථාපනය කිරීම සදහා ඉදිරිපත් කරනු ලබන පනතකි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට තිබෙන්නේ කුප්‍රකට ඉතිහාසයකි. පුද්ගලයින් පැහැරගැනීම, චෝදනා ඉදිරිපත් නොකොට පුද්ගලයින් දීර්ඝ කාලයක් රැදවුම්භාරයේ තබාගැනීම, වධහිංසා පැමිණවීම සහ ජනවාර්ගික කණ්ඩායම්වලට එරෙහි වෙනස් කොට සැලකීම සදහා භාවිත කිරීම ආදී අවකල් ක්‍රියා ගණනාවක් සදහා පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මෙම පනත කාලාන්තරයක් පුරාවට වෘත්තීය සමිතිවල හා දෙමල සමාජයේ විවේචනයට පාත්‍ර විය. ස්වීය පනතක් ලෙස සලකන විට, ප්‍රති-ත්‍රස්ත පනත තුල එහි පූර්වගාමියා වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙහි

බුද්ධිමතුන් ගැන ග්‍රාම්ස්චිගේ අදහස

Image
පහත ලිපිය ඉන්දීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ( Students' Federation of India) නිල ප්‍රකාශනය වන, Student Struggle  හි ඉංග්‍රීසි භාෂාවෙන් පල කරන ලද  What Gramsci Taught Us About Intellectuals යන ලිපියෙහි සිංහල පරිවර්තනයකි. ඉන්දීය ශිෂ්‍ය බලමණ්ඩලය ( Students' Federation of India) යනු සමස්ත ඉන්දීය ශිෂ්‍ය ව්‍යාපාරය වෙත නායකත්වය සපයනු ලබන වාමාංශික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයයි. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය අංශය ලෙස 1970 දී ආරම්භ කරන ලද ඉන්දීය ශිෂ්‍ය බලමණ්ඩලය අද වන විට සමස්ත ඉන්දියාවේම රාජ්‍ය විශ්වවිද්‍යාල තුල ඉගෙනුම ලබන මිලියන 4ට අධික ශිෂ්‍ය ප්‍රජාව වෙත සිය නායකත්වය ලබාදෙනු ලබයි.  මෙම ලිපිය අන්තෝනියෝ ග්‍රම්ස්චි නම් ඉතාලි ජාතික කොමියුනිස්ට්වාදියා විසින්  බුද්ධිමතුන්ගේ කාර්යය පිලිබද ඉදිරිපත් කළ අදහස් ආශ්‍රයෙන් සැකසූ සංක්ෂිප්ත සටහනකි.  1926 දී ෆැසිස්ට්වාදී පාලනතන්ත්‍රය විසින් සිරගත කළ පසු බන්ධනාගාරගතව සිටියදී ග්‍රම්ස්චි විසින් මාක්ස්වාදී න්‍යායාත්මක රචනා ගණනාවක් සිදුකරන ලදී. ඔහු  1937  දී සිරගතව සිටියදී මිය ගියේය.  සටහන - විජෙයි ප්‍රසාද් පර්වර්තනය - කුසල් කාවින්ද අමරසිංහ **