Posts

Showing posts from August, 2019

ටර්මිනේටර් : සීසන් 2

Image
නි ලධාරිවාදී ගර්වයෙන් පිම්බුණු ලාංකීය ටර්මිනේටර්වරයාගේ පෙනුම ඔහුගේ   වැඩිමහල් සහෝදරයා සතුව තිබුණු ජනප්‍රිය මහජන දේශපාලනඥයාගේ පෙනුමට වඩා බෙහෙවින් වෙනස් වුවද , එය අඩු වැඩි වශයෙන් සමාන වන්නේ ජනප්‍රිය දේශපාලනඥයෙක්ගේ පෙනුමට වඩා ලතින් ඇමරිකානු පන්නයේ හමුදා ඒකාධිපතියෙක්ගේ පෙනුමට වුවද , ටර්මිනේටර්වරයාගේ ආගමනය සිංහල සමාජය තුල මහත් උද්‍යෝගීමය ප්‍රතිචාරයක් ජනිත කොට තිබේ. මෙය එක් අතෙකින් අමුතු දෙයක් නොවේ. 2018 වර්ෂයේ පැවැත්වුනු පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගැන්මෙන් පසු, එම පක්ෂය ආණ්ඩු බලය ඩැහැගැනීම හුදෙක් කාලය පිලිබද ප්‍රශ්නයක් පමණක් විය. ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය කවරෙක් ඉදිරිපත් කල ද සිංහල සමාජය තුල එම තරගයේ වැඩි වාසිය ටර්මිනේටර්වරයා සතු බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණාවකි. රටේ විනය නැතිවීම ගැන විස්සෝප වන, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ සිය පූර්ව වාර්තාව ගැන උදම් අනන, නාගරික සංවර්ධනය ‘විධිමත්’ කිරීම ගැන අධිකාරීමය ලෙස ප්‍රතිඥා දෙන ටර්මිනේටර්වරයාගේ ආගමනය විසින් නොවැලැක්විය හැකි ප්‍රති-ප්‍රවාදයක් නිර්මාණය කොට තිබේ. එනම් ගෝඨාභය නැවැත්වීම සදහා සියලු විකල්ප