පට්ට ආතල් මැද නැට්ට ගිනිගැනීම

[ නිශාන්ත බංඩාර විසිනි ස තියේ දේශපාලන කතාබහ බේරුවලින් මතු වු කුඩු තොගය හා ජනාධිපතිවරයාගේ ‘‘113 සහ මන්ත්‍රී ලංසු“කතාව වටා බයිට් විය. විටෙක කලුතර රාජිතද, විටෙක ඇමරිකානු ගෝඨාභයද සහ ඔහු සමග සෙල්ෆි වී සිටින කලුතර කෆූර් වටා පමණක් නොව හම්බන්තොට චානක හා ඉපැරණි ගම්පොල දිමු පවා මතක් කරමින් ඒ වටා ගෙතුනු ‘කුඩු‘කේඩු කතා හිටු කියමින් ෂෙයාර් විය. මේ අතර ‘මහාවංශයට‘ පසු ලංකාවේ ඉතිහාසය නැවත ලියවෙන ‘සොරවංශයට‘ අලුත් ජාතක කතාවක් එක් කරමින් මහින්ද රාජපක්ෂයන්ට බහුතරය අහිමිවූ සැටි දේශනා කළ මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපතිවරයාගේ දහම් දෙසුමට සාදු කාර දීමට කවුරුත් එකත්පස් විය. ඔව්වා මෙව්වා එහෙම වෙද්දී, රනිලියානු ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙයුම අඛණ්ඩ අරගලයේ ඉදිරියට ඇදෙන්නට විය.‘113 පෙන්වීම හා විශ්වාසවන්ත රනිල්‘ නමින් ඉදිරියට ඇදුනු මෙම කතාන්දරයට රාජපක්ෂානු ප්‍රජාතන්ත්‍රවාදීන් ගෙනා එකම විචාරය වූයේ නැතිනම් ප්‍රතිකතාන්දරය වූයේ චිරාගත ‘කොටි නැගිටීමේ‘ මෙගා ටෙලියේ තිර පිටපත අප්ඩේට් කිරීමය. නමුත් ඉතා සියුම් ලෙස මෙම පිටපත තුල මේ ඊයේ පෙරේදා ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා දෙමල රුදවියන් (සටන්කා...