බර්නි සැන්ඩර්ස් සමග සංවාදයක්

සමාජවාදී අදහස් සමග අනන්‍ය වන නව දේශපාලන ප්‍රවණතාවයක් ඇමරිකාව තුල පසුගිය කාලය පුරාවට ජනප්‍රිය වෙමින් තිබේ. මෙම ප්‍රවණතාවයේ අලුත්ම ප්‍රකාශනය වූයේ 2018 නොවැම්බර් මාසයේ පැවැත්වුණු එරට මධ්‍ය-වාරික මැතිවරණ වටයේ දී සමාජවාදී අපේක්ෂකයින් ගණනාවක් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමය. මින් බොහෝ අය ‘ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රීය සමාජවාදියෝ’ (Democratic Socialists of America) සංවිධානය හා අනුබද්ධ අය වූහ. ස්වාධීන දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට කටයුතු කරන ගමන් ඩිමොක්‍රටික් පක්ෂයේ අවකාශය තුල සමාජවාදී ප්‍රතිපත්ති පිලිගන්නා අපේක්ෂකයින්ට ආධාර කිරීම හා ඒ තුල ක්‍රියාත්මක වීම සදහා මෙම සංවිධානය කටයුතු කරයි. තරුණ සමාජවාදී අපේක්ෂිකාවක වන ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටේස් විසින් නිවු යෝර්ක්වල දී වාර්තා කල ජයග්‍රහණය මේ අතර කැපී පෙනෙන ජයග්‍රහණයක් විය. පහත පලවන්නේ ඇමරිකානු සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් සමග ජැකොබින් සගරාව කල සම්මුඛ සාකච්ඡාවක සිංහල අනුවාදයයි. 2016 වර්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක තේරීම සදහා වූ මැතිවරණයේ දී හිලරි ක්ලින්ටන්ට තියුණු අභියෝගයක් එල්ල කල සැන්ඩර්ස් ඇමරිකාව තුල සමාජවාදී අදහස...