සංවිධිත කම්කරු අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රති-ත්‍රස්ත පනතේ තර්ජනය

[ ශිරන් ඉලන්පෙරුම - සමාජ සාධාරණත්වය සදහා මහජන ව්‍යාපාරය 2 018 ඔක්තෝබර් 9 වන දා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත ‘අඩු නපුරක්’ ලෙස සමාජය ඉදිරියේ හුවා දැක්වීමට ඇතැම් පාර්ශව විසින් කටයුතු කරනු දක්නට ලැබේ. කෙසේ වූවද, මෙම කෙටුම්පත විසින් කම්කරුවන්ගේ හා වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් සම්බන්ධයෙන් මතු කරන ගැටලු බොහෝ අය විසින් නොතකා හරින බව පෙනෙන්නට තිබේ. ප්‍රති-ත්‍රස්ත පනත යනු 1978 දී සම්මත කල ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත විස්ථාපනය කිරීම සදහා ඉදිරිපත් කරනු ලබන පනතකි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට තිබෙන්නේ කුප්‍රකට ඉතිහාසයකි. පුද්ගලයින් පැහැරගැනීම, චෝදනා ඉදිරිපත් නොකොට පුද්ගලයින් දීර්ඝ කාලයක් රැදවුම්භාරයේ තබාගැනීම, වධහිංසා පැමිණවීම සහ ජනවාර්ගික කණ්ඩායම්වලට එරෙහි වෙනස් කොට සැලකීම සදහා භාවිත කිරීම ආදී අවකල් ක්‍රියා ගණනාවක් සදහා පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මෙම පනත කාලාන්තරයක් පුරාවට වෘත්තීය සමිතිවල හා දෙමල සමාජයේ විවේචනයට පාත්‍ර විය. ස්වීය පනතක් ලෙස සලකන විට, ප්‍රති-ත්‍රස්ත පනත තුල එහි පූර්වගාමියා වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත...