Posts

Showing posts from May, 2019

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

Image
I මීට අවුරුදු ගනනාවකට ප්‍රථම - ඒ කියන්නේ 1990 දශකයේ අග භාගයේ - භාතිය සහ සංතුෂ් පලමුවරට ‘වසන්තයේ’ නම් ගීතය ගායනා කරමින් සිංහල සංගීත ලෝකයට ප්‍රවිෂ්ට වූහ. මේ දෙපොලගේ සංගීත ආගමනය එවකට මහත් ආන්දෝලනයක් ඇති කලේ ඔවුන් ඇතැම් පැරණි සිංහල ගීතවලට ඉංග්‍රීසි බසින් යෙදෙන රැප් එකතු කොට ඒවා යලි ගායනය කල නිසාය. එකල ඔවුන්ට විරුද්ධ වූ ප්‍රවීණයින් අතර ප්‍රමුඛයෙක් වූයේ වික්ටර් රත්නායකය. එක්තරා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් වික්ටර් රත්නායක ඒ කාලයේ පැවසුවේ මේ යන විධිහට ගියොත් සීගිරි අප්සරාවන්ට බිකිනි අන්දනු ඇති බවත්, මඩොල් දූවේ උපාලි සහ ජින්නා දූපතෙහි සමලිංගික රැගුම් පානු දැක්වෙන චිත්‍රපට නිර්මාණය වනු ඇති බවත්ය. භාතිය සංතුෂ් ලංකාවේ සංගීතය තුල එක්තරා විධිහක නව ප්‍රවණතාවයක පුරෝගාමියෝ වෙති. වික්ටර් රත්නායක පන්නයේ ප්‍රවීණයෝ සංගීතය කල යුගය - ලියනගේ අමරකීර්තිගේ කුරුලු හදවත නවකථාවේ විස්තර වන - ප්‍රේමකීර්ති හා සුමනා නෙල්ලම්පිටිය වැනි අය ගුවන්විදුලිය තුල ආධිපත්‍යය දැරූ යුගයයි. මේ යුගයේ සිංහල සංගීතයේ අධිපති ධාරාව නිර්වචනය වූයේ වාණිජ්‍යමය ප්‍රේරණයන් තුලින් නොවේ. 90 දශකය මැද භාගයේ ඇති වූ එෆ්එම් ගුවන් වි