Posts

Showing posts from October, 2019

කෙටි විසඳුම් නැති ගෘහස්ථ ණය අර්බුදය

Image
[අමාලි වෙදගෙදර ජ නාධිපතිවරණයට පින්සිඳු වන්නට ග්‍රාමීය ණය අර්බුදය පිලිබද ප්‍රශ්නය යලි කරලියට පැමිණ ඇත. සමහර අපේක්ෂකයින් ග්‍රාමීය ණය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙන විට අනෙකුත් අය ග්‍රාමීය ණයගැතිභාවයට සහ ග්‍රාමීය ආර්ථිකයේ ඇති අර්බුදයට පිළියම් සොයන බවට පොරොන්දු දෙති. රටේ පාලන තන්ත්‍රයේ ඉහලම පුටුවට යන්නට මහජන බලය බලාපොරොත්තු වන්නන්, මෙම ප්‍රශ්නයට එවැනි ඉහල අවධානයක් යොමු කිරීම හොද වර්ධනයක් වන නමුත් ඔවුන්ගේ පොරොන්දු අපි බාරගත යුතු වන්නේ පරිස්සමෙනි. ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීම විසඳුමක් සෙවීමේ පළමු පියවරයි. ණය ප්‍රශ්නයේ වැඩිහරියක් තවමත් විසඳීමට ඉතිරිව ඇත. දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වලින් ඉගෙන ගත හැකි දෑ ඇත. මෙම ලිපියෙන් අදහස් කෙරෙන්නේ ග්‍රාමීයව සහ නාගරිකව පවතින ණය අර්බුදය තේරුම් ගැනීමටයි. මේ ණය අර්බුදය අවුරුදු 15කට වඩා වේගයෙන් රජය විසින් සිදු කරගෙන යන මුල්‍යකරණ ප්‍රතිපත්තියේ සෘජු ප්‍රතිපලයක් බවට මම කරුණු දක්වමි. 2018 වර්ෂයේදී රජය විසින් ඉදිරිපත් කල ණය සහන වැඩසටහනින් ණයබර අවම කිරීමට කල දායකත්වයද ගැටළුකාරිය. තමන්ගේ මුලික අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට මිනිසුන්ට නොහැකි වාතාවරනයක ණය අහෝසිකිරීමෙන