Posts

Showing posts from October, 2018

දේශපාලන අර්බුදය සහ පහල මාලයේ දේශපාලන බලයක් ගොඩනැගීම

Image
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ එම ධූරයෙන් ඉවත් කිරීම සමග ඇති වී තිබෙන නව දේශපාලන වටපිටාව පිලිබදව 'පහල මාලයේ ජනයා බල ගැන්වීමේ ව්‍යාපාරය' විසින් නිකුත් කල නිවේදනය පහත පල වේ.  උතුරේ සහ දකුණේ ගොවි, ධීවර, කම්කරු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයින්ගෙන් සමන්විත පහල මාලයේ ජනයා බල ගැන්වීමේ ව්‍යාපාරය එම ජනයාගේ දේශපාලන අභිලාෂයන් නියෝජනය වන බලවේගයක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.                                                                       ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කොට මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කොට ඇත. විධායක ජනාධිපතිවරුන් විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී සාම්ප්‍රදායන්ට පිටුපාමීන් බලය අපයෝජනය කිරීම ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමක් නොවන අතර සිරිසේන ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාමාර්ගයද එවැනිම වූ ක්‍රියාවකි. ඒ මගින් ප්‍රභූ දේශපාලන පරිමන්ඩලයේ අර්බුදයක් ඇති කොට තිබෙන අතර පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගන්තේ කවුරුන් විසින්දැයි පෙන්වීම මත ප්‍රභූ තන්ත්‍රයේ මෙම ගැටුම අවසන් කල හැකිය. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍ර ව

රුපියලේ බිද වැටීම හෙවත් ආර්ථික දේහයේ රුධිර ගලනය

Image
  | අහිලන් කදිර්ගාමර් පරිවර්තනය - ගීතිකා ධර්මසිංහ / රමිදු පෙරේරා  අ ද දවසේ ආර්ථිකයේ ප‍්‍රධාන මාතෘකාව වී ඇත්තේ රුපියලේ අගය පහත වැටීමය. මෙයට හේතුව වී ඇත්තේ ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් කිරීම සඳහා එරට විසින් පොලි අනුපාතය වැඩි කිරීමද? එය අපනයනයට වඩා විශාල වශයෙන් ආනයනයට මුල් තැන දුන් දෝෂ සහගත ආර්ථික ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිපලයක්ද? එසේත් නැතිනම් අප ආර්ථිකය මුල්‍ය ප‍්‍රාග්ධන සංසරණයට විවෘත කිරීමද? මේ පිළිබඳ විවාදයන් දේශපාලනික වශයෙන් මෙන්ම වෙනත් ආකාර මැදිහත්වීම්වලින් විවිධ අර්ථ ගෙන තිබුනද එම අදහස් ලංකාවේ ආර්ථික දිශානතිය පිළිබඳ ඇගයීමකට අපව විවෘත කරයි. ආනයන හා විදේශ ණය ගෙවීම් සඳහා විදේශ විනිමය හිඟය මගින් විදහා දැක්වෙන රුපියලේ අගය අවප‍්‍රමාණය වීම හා අයවැය ශේෂය සම්බන්ධ ප‍්‍රශ්න කිසිවෙකුත් පුදුමයට පත් නොකරනු ඇත. වෙළදාම හා මුල්‍ය ලිබරල්කරණය හරහා ලෝකය පුරා මෙන්ම ලංකාවේද මෙවැනි අර්බුද දිගින් දිගටම සිදුවෙමින් පවතී. දශක ගණනක් පුරා ආර්ථික සංවාදයන් තුල මුලික විෂය වී ඇත්තේ මෙම අර්බුදයන්හි ගෝලීය තත්වය හා ජාත්‍යනතර ප‍්‍රතිපලය. විශේෂයෙන් 1997 සිදු වූ ආසියාවේ ආර්ථික අර්බුදය හා 2008 ගෝලීය ආර්ථික

නව ත්‍රස්ත විරෝධී පනත : රාජ්‍ය ආරක්ෂාවේ තර්කය විසින් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිනිර්වචනය කිරීමක්?

Image
‍ ‍‍| රමිදු පෙරේරා  මෙ තෙක් කල් භාවිතා වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව ත්‍රස්ත විරෝධී පනතක් හදුන්වා දීමට රජය කටයුතු කරමින් සිටී. පසුගිය සතියේ එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ වෙනත් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනු කල අතර මෙකී පෙත්සම් ඉදිරිපත් වන තුරුම මෙම පනත් කෙටුම්පත ගැන බරපතල විවාදයක් සමාජය තුල ඇතිවනු දක්නට නොලැබිණ. මේ සම්බන්ධයෙන් කැපී පෙනෙන කරුණක් වන්නේ සාමාන්‍යයෙන් ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් සීමා කරනු ලබන මෙබදු ක්‍රියාමාර්ග ගැන විවේචනාත්මක වන ලංකාවේ ස්ථාපිත මානව හිමිකම් සංවිධාන වෙතින් ද මෙම යෝජිත පනත ගැන ප්‍රමාණවත් සංවාදයක් මතු කරනු නොලැබීමයි. ‍ ‍ පැරණි ත්‍රස්ත මර්දන නීතිය 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පසුගිය දශක කිහිපය තුල බරපතල ලෙස විවේචනයට ලක්වූවකි. මෙම පනත සම්මත කරන ලද්දේ ත්‍රස්තවාදී සැකකරුවන් ලෙස හදුන්වනු ලබන පුද්ගලයින් සාමාන්‍ය නීතියෙන් බාහිර පටිපාටියක් තුල විනිශ්චයට සහ දණ්ඩනයට ලක්කිරීමේ පරමාර්ථයෙනි. එම පනතෙහි නිල නාමය වන්නේ ත්‍රස්තවාදය වැලැක්ව