Posts

Showing posts from November, 2018

අනුර දිසානායකගේ TNA හැරවුම

Image
| ඉෂාන් චාමර  ජ .වි.පෙ නායක අනුර කුමාර දිසානායක ඉන්දියාවේ 'ද හින්දු' පුවත් පත සමග පසුගිය බදදා දින සිදු කළ සාකච්ඡාවකදී  තම පක්ෂයට දෙමළ ජාතික සන්ධානය සමග දිගු කාලීන සහයෝගීතාවයකට එළැඹීම සදහා විභවතාවයක් පවතින බවට ප්‍රකාශ කර තිබුණි.  එහිදි ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබුනේ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන්නේ මර්දනකාරි රාජ්‍යය විසින් මර්දනය කෙරුණු ලංකාවේ දකුණු සහ උතුරු ප්‍රදේශයන් බවයි. එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙමළ ජාතික සන්ධානය සමග අවංක සාකච්ඡාවක් කිසිදා සිදු නොකල බව පවසන හෙතෙම තවදුරටත් කියන්නේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට පොදු අරගලයක් පවතින බවයි.  ජ.වි.පෙ - TNA ඉදිරි හවුලක් පිළිබද අනුර කුමාර දිසානායකගේ මෙම ප්‍රකාශය මූලිකවම කාරණා ද්විත්වයක් හේතුවෙන් වැදගත් වේ. පළමු වැන්න නම් දෙමළ අරගලය සහ දෙමළ ජනයාගේ අභිලාෂයන් පිළිබද ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් සිටි දේශපාලනික සහ න්‍යායික ආස්ථානයේ සුසුමාදර්ශීය වෙනසක් පිලිබද සංඥාවක් ඒ තුල නිරීක්ෂණය කල හැකි වීමයි.  1971 දී සහ 87

'රාජපක්ෂ අර්ථ ශාස්ත්‍රය' : නව ලිබරල් විරෝධී ද?

Image
  | අහිලන් කදිරගාමර්  ආ ණ්ඩුවේ සති තුනක ඛේදජනක ආණ්ඩු කාලය සහ පාර්ලිමේන්තුවේ පසුගිය දවස්වල රග දැක්වූ චණ්ඩිකම්වල සංදර්ශනය විසින් රට බරපතල දේශපාලන අර්බුදයකට ඇද දමා ඇත. ජනමාධ්‍යවල සහ ප්‍රසිද්ධ සාකච්ඡාවල මේ ගැන කෙරෙන අවධානය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලභාවය කෙරෙහි යොමු වී තිබෙන නමුදු වඩාත් ගැඹුරු ලෙස සලකා බලන්නේ නම්, අර්බුදයේ මූලය ගැබ්වී තිබෙන්නේ අස්ථාවරත්වය සහ අස්වාමීකරණය ඇති කිරීමට හේතු වී තිබෙන, දශක ගණනාවක් පුරාවට අනුගමනය කල නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන් තුලය. පසුගිය සති කිහිපය තුල, තමන්ගේ ජාතිකවාදී ව්‍යාපෘතිය ජනප්‍රිය කරවීම සදහා රාජපක්ෂ හිතවාදී න්‍යායධරයින් නව ලිබරල්වාදය පිලිබද විකෘති චිත්‍රයක් ඉදිරිපත් කිරීමට පටන් ගෙන තිබේ. ඔවුන් කියන පරිදි රාජපක්ෂව අගමැති ලෙස පත්කිරීම අවශ්‍ය වූයේ වසර තුනක කාලයක් තුල අනුගමනය කල නව ලිබරල් ආර්ථික පිලිවෙත් විසින් ඇති කල ආර්ථික විනාශය ආපසු හැරවීම සදහා සහ එමගින් ලංකාවේ ජාතික ස්වාධිපත්‍යයට වූ හානිය වලක්වා ගැනීම සදහාය. මෙම කියැවීම අනුව ලංකාවේ දේපල විදේශවලට විකිණීම නතර කිරීම සහ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම පවතින ආ

පවතින දේශපාලන තත්වය හා එය වෙනස් කිරීම පිළිබද යෝජනාවක්.

Image
| කැළුම් නවරත්න විසිනි. 2015 ජනවාරි 08 අභිලාෂ යනු මොනවාද යන්න අපගෙන් බොහෝ දෙනා අසන පැනයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ධනවාදී සමාජ සැකැස්මක දේශපාලන සැකැස්ම ලෙස ශිෂ්ටාචාරය බිහිකරගත් සංකල්පයකි. නූතනවාදයට පෙර තිබූ සමාජ සැකැස්මේ ගැටළුවලට පිළිතුරක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද අදහස ගොඩනගන ලදී. නමුත් ධනවාදයේ අර්බුධය එහිම ප‍්‍රතිවිරෝධයන් විසින් අර්බුධයට යවද්දී මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද සංකල්පය ක‍්‍රමක‍්‍රමයෙන් හීන කරමින් එය සමස්ත සමාජ අර්බුධයකට පිළිතුරු සොයනවා වෙනුවට දක්ෂිණාංශික දේශපාලන ආධිපත්‍යය පිහිටුවාගැනීමට අදාළ තත්වයන් ඉටු කරගැනීම වෙනුවෙන් කඩේ යවන සංකල්පයක් වී හමාරය. බොහෝ දෙනා වර නගන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද අදහසේ නිර්මාතෘවරුන් කවුරුන්ද. 2015 ට මහින්ද රාජපක්ෂයේ ඒකාධිපති පාලනයට විරුද්ධව එයින් ආන්තීකරණය වූ ශිෂ්‍ය ප‍්‍රජාව , ප‍්‍රගතිශීලීන් , ගොවියන් , ධීවරයන් , සිට රතු පස්වල ජනතාව දක්වා නැගී සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙස බිහිවූවකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉබේ පහළ වෙන්නේ නැත. යම් කිසි මිනිස් ප‍්‍රජාවක් හෝ පන්තියක් සමාජ සැකැස්මක් තුළ තමන්ගේ දේශපාලන අදහස වර නැගීමේදි පාලක පන්තීන් විසින්

ඉල් මහේ මල් යලි පිපේවා - වෙනස් හැඩයකින් පිපේවා!

Image
| නජිත් ඉන්දික  අද නොවැම්බර් 13 වෙනිදාය. රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කර අද දිනට 29 වසරකි. මේ මොහොත වනවිට ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් ඉන් සංකේතවත් වන 88-89 අරගලය සිහිපත් කරමින් සැමරුම් උත්සව පවත්වමින් සිටී. එම පක්ෂයන් තුළ ක්‍රියාකාරී නොවන නමුත්, ජීවිතයේ කිසියම් කළක ජවිපෙ තුළින් දේශපාලනයේ මුල්පොත හැදෑරූ, එක් දිනක් හෝ ඒ තුළ ක්‍රියාකාරීවූ, පසුව ඉන් ඉවත්වී සිටින දසදහස් ගණන් පිරිසටද අද දිනය අමතක නොවනවා ඇත. එය තමන් දැරූ ප්‍රතිපත්ති පාවා දී විකුණා දැමූවුන්ට, වෙනත් ආකෘති තුළ දේශපාලනයේ නිරතවන්නන්ට මෙන්ම, තවමත් කොහේ හෝ සිට තමන් කලක් දැරූ ප්‍රතිපත්තිවල අවම සදාචාරය පවත්වා ගනිමින් ජීවත්වන්නන්ටද එකසේ අදාළය. (71 අරගලයට සම්බන්ද වූවන්ගේ සිට එවැනි මිනිසුන් සියගණනක් මුනගැසී ඇත.) ඉතින් අද දිනය සුවිශේෂය. නමුත් "ඉල්මහේ මල් යළිත් දෙරණතේ මත පතන" මොහොතක මේ සටහන තබන්නේ ඒ පිළිබඳව නොවේ. ලංකාවේ වාමාංශයක් විසින් දේශපාලන බලය ලබාගැනීම සඳහා කළ අවසන් අරගලයෙන් වසර 29 ක් ගතවන මොහොතේ වැදගත් සාකච්ඡාවක් මතුකර ගැනීම සඳහායි. සාකච්ඡාව විවිධ මට්ටමෙන් මේ වනවිටත් ඇරඹී ඇත. ඒ

රාජපක්ෂගේ පුනරාගමනය සහ අප ඉදිරියේ ඇති අභියෝග

Image
| අහිලන් කදිරගාමර් ප සුගිය දින කිහිපය තුල අපට දක්නට ලැබුණු මහින්ද රාජපක්ෂ පාර්ශවය විසින් කල බලය ඩැහැගැනීම 2015 ජනාධිපතිවරණය හා ඉක්බිති පාර්ලිමේන්තු මැතිවරණය පරාජය වීමෙන් පසු, නැවත බලයට ඒම සදහා ඔහු විසින් සංවිධානය කල සැලැස්මක කූටප්‍රාප්තිය ලෙස අපට හදුනාගත හැක. මේ සැලැස්මේ උපායමාර්ගය වූයේ සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ කටයුතු බාධාවට ලක්කරමින් ජනයා සංවිධානය කිරීම හා මැතිවරණ මගින් සිය බලය ගොඩනගා ගැනීමය. මේ වර්ෂයේ පෙබරවාරි මාසයේ පැවැති පලාත් පාලන ඡන්දය ජය ගැනීම එම උපායමාර්ගික සැලැස්මේ වැදගත් ජයග්‍රහණයක් වූයේය. රාජපක්ෂගේ මෙම උපායමාර්ගය සාර්ථක වීම කෙරෙහි සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ දුබලකම බලපෑවේය. එම දුබලකම විසින් ඇති කල අස්ථීර දේශපාලන වාතාවරණය රාජපක්ෂගේ ප්‍රහාරය සදහා පහසු ඉලක්කයක් විය. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය කාලයේ සිටම යහපාලන හවුල් ආණ්ඩුව මහජනයා වෙත ලබා දුන් පොරොන්දු නොතකා හරින ආකාරය දක්නට ලැබුණේය. පසුගිය අවුරුදු හතරක කාලය තුල අප දැක්කේ, රාජපක්ෂ රෙජිමය විසින් ආරම්භ කල වෙලද සහ මූල්‍ය ලිහිල්කරණ ප්‍රතිපත්තීන් යහපාලන රජය විසින් ද පවත්වාගෙන යන ආකාරයයි. මෙම ප්‍රතිපත්තී