Posts

Showing posts from December, 2018

පට්ට ආතල් මැද නැට්ට ගිනිගැනීම

Image
[ නිශාන්ත බංඩාර විසිනි      ස තියේ දේශපාලන කතාබහ බේරුවලින් මතු වු කුඩු තොගය හා ජනාධිපතිවරයාගේ ‘‘113 සහ මන්ත්‍රී ලංසු“කතාව වටා බයිට් විය. විටෙක කලුතර රාජිතද, විටෙක ඇමරිකානු ගෝඨාභයද සහ ඔහු සමග සෙල්ෆි වී සිටින කලුතර කෆූර් වටා පමණක් නොව හම්බන්තොට චානක හා ඉපැරණි ගම්පොල දිමු පවා මතක් කරමින් ඒ වටා ගෙතුනු ‘කුඩු‘කේඩු කතා හිටු කියමින් ෂෙයාර් විය. මේ අතර ‘මහාවංශයට‘ පසු ලංකාවේ ඉතිහාසය නැවත ලියවෙන ‘සොරවංශයට‘ අලුත් ජාතක කතාවක් එක් කරමින් මහින්ද රාජපක්ෂයන්ට බහුතරය අහිමිවූ සැටි දේශනා කළ මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපතිවරයාගේ දහම් දෙසුමට සාදු කාර දීමට කවුරුත් එකත්පස් විය. ඔව්වා මෙව්වා එහෙම වෙද්දී, රනිලියානු ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙයුම අඛණ්ඩ අරගලයේ ඉදිරියට ඇදෙන්නට විය.‘113 පෙන්වීම හා විශ්වාසවන්ත රනිල්‘ නමින් ඉදිරියට ඇදුනු මෙම කතාන්දරයට රාජපක්ෂානු ප්‍රජාතන්ත්‍රවාදීන් ගෙනා එකම විචාරය වූයේ නැතිනම් ප්‍රතිකතාන්දරය වූයේ චිරාගත ‘කොටි නැගිටීමේ‘ මෙගා ටෙලියේ තිර පිටපත අප්ඩේට් කිරීමය. නමුත් ඉතා සියුම් ලෙස මෙම පිටපත තුල මේ ඊයේ පෙරේදා ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා දෙමල රුදවියන් (සටන්කාමින්) ගැන ලියූ ට්වි

ප්‍රජාතන්ත්‍රවාදයේ හැදි සහ හොදි

Image
[ නිශාන්ත බණ්ඩාර විසිනි     මේ දින වල කාගේතේ මුවග රැව් දෙන වචනයක් වි ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාද යයි. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා වෙත අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමේ සිදු වීම කේන්ද්‍ර කරගෙන මතු වූ මෙම සාකච්ඡාව අද සෑම දෙනාගේම මාතෘකාව වී ඇත්තේ ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ යන්නයි. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය යන්න එක වචනයක් වුවත් විවිධ අය මේ ගැන කතා කරන්නේ විවිධ අරුතින් වීම විශේෂ කරුණකි.  රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් එය කේන්ද්‍ර කරන්නේ බලහත්කාරී අත්තනෝමතික ලෙස වත්මන් ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂ අගමැති ධූරය වෙනස් කිරීම මුලට තබාගෙනය. මහින්ද රාජපක්ෂ මහතා හා පොදු ජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ පාර්ලිමේන්තුව තුලදි කතානායකවරයා මූලිකව අලුත පත් කළ ආණ්ඩුවට සිය කටයුතු කරගෙන යාමට කරන බාධාවන් මූලට තබාගෙනය. ජනතා විමුක්ති පෙරමුණ හා එහි හිතවතුන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ ‘ව්‍යවස්තා විරෝධී ලෙස‘ සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය මුලට තබාගෙනය. පෙරටුගාමී සමාජවාදි පක්ෂය ඇතුලු එහි හිතවතුන් මෙය සලකන්නේ ‘උන්ගේ ප්‍රජාතන්ත්

සිරා මරා නැත - මරා සිරා නැත : ජනාධිපති වියරුවට එරෙහි 'ජන අණසක' විරෝධතාවය හෙට කොළඹ දී

Image
ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය ඔක්තෝබර් 26 වන දා මහින්ද රාජපක්ෂ අගමැතිධූරයට පත්කිරීමට ගත් තීන්දුව සමග ඇති වී තිබෙන අත්තනෝමතික දේශපාලන වාතාවරණය සදහා විරෝධය පල කරනු උදෙසා 'ජන අණසක' සංවිධානය විසින් කැදවා තිබෙන උද්ඝෝෂණයක් හෙට දින (දෙසැම්බර් 05)  පස්වරු 4.00 ට කොලඹ කොටුව දුම්රියපොල ඉදිරියේ දී පැවැත්වේ. පස්වරු 3.30 ට මරදාන ටෙක්නිකල් හන්දියෙන් පා ගමන ආරම්භ වන අතර එය කොටුව දුම්රියපොල දක්වා ගමන් කිරීමට නියමිතය. එම සංවිධානය විසින් නිකුත් කල අත් පත්‍රිකාවේ සටහන අප පහත පල කරමු.  අලුත් ජනරජයක් සඳහා පෙළ ගැසෙමු! 2018 ඔක්තෝබර් 26 වන දින සිට අප රට තුල දිගහැරෙන ක්‍රියාදාමය තුල අපි දකින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථානුකූල නොවන ආකාරයකින් අත්තනෝමතික ලෙස බලය යොදාගනිමින් රාජ්‍යය පාලනය කරන ආකාරයයි. අගමැතිවරයා ඉවත් කිරීම, පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කිරීම සහ ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව මේ අත්තනෝමතිකභාවයේ සලකුණුය. ජනාධිපතිගේ මේ අත්තනෝමතික හැසිරීමට අප බරපතල විරෝධය පල කල යුතුය. එහෙත් අනෙක් අතට