අනුර දිසානායකගේ TNA හැරවුම

| ඉෂාන් චාමර ජ .වි.පෙ නායක අනුර කුමාර දිසානායක ඉන්දියාවේ 'ද හින්දු' පුවත් පත සමග පසුගිය බදදා දින සිදු කළ සාකච්ඡාවකදී තම පක්ෂයට දෙමළ ජාතික සන්ධානය සමග දිගු කාලීන සහයෝගීතාවයකට එළැඹීම සදහා විභවතාවයක් පවතින බවට ප්‍රකාශ කර තිබුණි. එහිදි ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබුනේ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන්නේ මර්දනකාරි රාජ්‍යය විසින් මර්දනය කෙරුණු ලංකාවේ දකුණු සහ උතුරු ප්‍රදේශයන් බවයි. එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙමළ ජාතික සන්ධානය සමග අවංක සාකච්ඡාවක් කිසිදා සිදු නොකල බව පවසන හෙතෙම තවදුරටත් කියන්නේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට පොදු අරගලයක් පවතින බවයි. ජ.වි.පෙ - TNA ඉදිරි හවුලක් පිළිබද අනුර කුමාර දිසානායකගේ මෙම ප්‍රකාශය මූලිකවම කාරණා ද්විත්වයක් හේතුවෙන් වැදගත් වේ. පළමු වැන්න නම් දෙමළ අරගලය සහ දෙමළ ජනයාගේ අභිලාෂයන් පිළිබද ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් සිටි දේශපාලනික සහ න්‍යායික ආස්ථානයේ සුසුමාදර්ශීය වෙනසක් පිලිබද සංඥාවක් ඒ තුල නිරීක්ෂණය කල හැකි වීමයි....