අය වැය සහ කම්කරු නීති ප්‍රතිසංස්කරණ : නියාමනය දුර්වල කිරීම සදහා වූ ට්‍රෝජන් අශ්වයෙක්

[ ලක්මාලි හේමචන්ද්‍ර 2015 වර්ෂයේ දී බලයට පත් වූ තැන් පටන් යහපාලන ආණ්ඩුව විසින් ඉදිරිපත් කල සෑම අයවැයක්ම මහත් අවධාරණයකින් යුක්තව කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සදහා වූ අවශ්‍යතාවය ප්‍රකාශ කලේය. 2019 අය වැය යෝජනා ශ්‍රම බලකාය තුල කාන්තා සහභාගීත්වය ඉහල නැංවීම සදහා වූ උපාය මාර්ගයක් ලෙස කම්කරු නීති ප්‍රතිසංස්කරණය හදුන්වා දී තිබේ. මුදල් අමාත්‍යවරයාට අනුව ‘අනම්‍ය කම්කරු නීති’ - වෙනත් කරුණු අතර - ‘කාන්තාවන් ශ්‍රම බලකාය අත් හැර යාමට හෝ ශ්‍රම බලකායට කිසිසේත්ම ඇතුලුත් නොවීමට බලපාන හේතුවක් ලෙස හදුනාගනු ලැබ ඇත 1 ’. මේ පදනම මත කාන්තාවන්ව ශ්‍රම බලකායට ඇතුලත් කිරීම සදහා වූ ක්‍රියාමාර්ග ලෙස අර්ධකාලීන සේවය ප්‍රවර්ධනය කිරීම, නම්‍යශීලී වැඩ මුර හදුන්වාදීම හා නිවසේ සිට වැඩ කිරීම සදහා පහසුකම් සැපයීම ආදිය සිදුකෙරෙන ආකාරයට කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සදහා යෝජනා ඉදිරිපත් කොට තිබේ. සියලුම කම්කරු නීති එක් තනි නීති සංග්‍රහයක් තුලට සංයුක්ත කිරීම සදහා කම්කරු අමාත්‍යවරයා විසින් මේ වනවිට ගෙන යනු ලබන වැඩපිලිවෙල සමග මෙකී යෝජනා සහසම්බන්ධිතය. ලංකාවේ කම්කරු නීති ප්‍රතිසංස්කරණ සදහා වූ යෝජනාවල ඉතිහ...