Posts

පට්ට ආතල් මැද නැට්ට ගිනිගැනීම

Image
[ නිශාන්ත බංඩාර විසිනි      ස තියේ දේශපාලන කතාබහ බේරුවලින් මතු වු කුඩු තොගය හා ජනාධිපතිවරයාගේ ‘‘113 සහ මන්ත්‍රී ලංසු“කතාව වටා බයිට් විය. විටෙක කලුතර රාජිතද, විටෙක ඇමරිකානු ගෝඨාභයද සහ ඔහු සමග සෙල්ෆි වී සිටින කලුතර කෆූර් වටා පමණක් නොව හම්බන්තොට චානක හා ඉපැරණි ගම්පොල දිමු පවා මතක් කරමින් ඒ වටා ගෙතුනු ‘කුඩු‘කේඩු කතා හිටු කියමින් ෂෙයාර් විය. මේ අතර ‘මහාවංශයට‘ පසු ලංකාවේ ඉතිහාසය නැවත ලියවෙන ‘සොරවංශයට‘ අලුත් ජාතක කතාවක් එක් කරමින් මහින්ද රාජපක්ෂයන්ට බහුතරය අහිමිවූ සැටි දේශනා කළ මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපතිවරයාගේ දහම් දෙසුමට සාදු කාර දීමට කවුරුත් එකත්පස් විය. ඔව්වා මෙව්වා එහෙම වෙද්දී, රනිලියානු ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙයුම අඛණ්ඩ අරගලයේ ඉදිරියට ඇදෙන්නට විය.‘113 පෙන්වීම හා විශ්වාසවන්ත රනිල්‘ නමින් ඉදිරියට ඇදුනු මෙම කතාන්දරයට රාජපක්ෂානු ප්‍රජාතන්ත්‍රවාදීන් ගෙනා එකම විචාරය වූයේ නැතිනම් ප්‍රතිකතාන්දරය වූයේ චිරාගත ‘කොටි නැගිටීමේ‘ මෙගා ටෙලියේ තිර පිටපත අප්ඩේට් කිරීමය. නමුත් ඉතා සියුම් ලෙස මෙම පිටපත තුල මේ ඊයේ පෙරේදා ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා දෙමල රුදවියන් (සටන්කා...

ප්‍රජාතන්ත්‍රවාදයේ හැදි සහ හොදි

Image
[ නිශාන්ත බණ්ඩාර විසිනි     මේ දින වල කාගේතේ මුවග රැව් දෙන වචනයක් වි ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාද යයි. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා වෙත අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමේ සිදු වීම කේන්ද්‍ර කරගෙන මතු වූ මෙම සාකච්ඡාව අද සෑම දෙනාගේම මාතෘකාව වී ඇත්තේ ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ යන්නයි. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය යන්න එක වචනයක් වුවත් විවිධ අය මේ ගැන කතා කරන්නේ විවිධ අරුතින් වීම විශේෂ කරුණකි.  රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් එය කේන්ද්‍ර කරන්නේ බලහත්කාරී අත්තනෝමතික ලෙස වත්මන් ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂ අගමැති ධූරය වෙනස් කිරීම මුලට තබාගෙනය. මහින්ද රාජපක්ෂ මහතා හා පොදු ජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ පාර්ලිමේන්තුව තුලදි කතානායකවරයා මූලිකව අලුත පත් කළ ආණ්ඩුවට සිය කටයුතු කරගෙන යාමට කරන බාධාවන් මූලට තබාගෙනය. ජනතා විමුක්ති පෙරමුණ හා එහි හිතවතුන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ ‘ව්‍යවස්තා විරෝධී ලෙස‘ සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය මුලට තබාගෙනය. පෙරටුගාමී සමාජවාදි පක්ෂය ඇතුලු එහි හිතවතුන් මෙය සලකන්නේ...

සිරා මරා නැත - මරා සිරා නැත : ජනාධිපති වියරුවට එරෙහි 'ජන අණසක' විරෝධතාවය හෙට කොළඹ දී

Image
ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය ඔක්තෝබර් 26 වන දා මහින්ද රාජපක්ෂ අගමැතිධූරයට පත්කිරීමට ගත් තීන්දුව සමග ඇති වී තිබෙන අත්තනෝමතික දේශපාලන වාතාවරණය සදහා විරෝධය පල කරනු උදෙසා 'ජන අණසක' සංවිධානය විසින් කැදවා තිබෙන උද්ඝෝෂණයක් හෙට දින (දෙසැම්බර් 05)  පස්වරු 4.00 ට කොලඹ කොටුව දුම්රියපොල ඉදිරියේ දී පැවැත්වේ. පස්වරු 3.30 ට මරදාන ටෙක්නිකල් හන්දියෙන් පා ගමන ආරම්භ වන අතර එය කොටුව දුම්රියපොල දක්වා ගමන් කිරීමට නියමිතය. එම සංවිධානය විසින් නිකුත් කල අත් පත්‍රිකාවේ සටහන අප පහත පල කරමු.  අලුත් ජනරජයක් සඳහා පෙළ ගැසෙමු! 2018 ඔක්තෝබර් 26 වන දින සිට අප රට තුල දිගහැරෙන ක්‍රියාදාමය තුල අපි දකින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථානුකූල නොවන ආකාරයකින් අත්තනෝමතික ලෙස බලය යොදාගනිමින් රාජ්‍යය පාලනය කරන ආකාරයයි. අගමැතිවරයා ඉවත් කිරීම, පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කිරීම සහ ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව මේ අත්තනෝමතිකභාවයේ සලකුණුය. ජනාධිපතිගේ මේ අත්තනෝමතික හැසිරීමට අප බරපතල විරෝධය පල කල යුතුය. එහෙත් අනෙ...

අනුර දිසානායකගේ TNA හැරවුම

Image
| ඉෂාන් චාමර  ජ .වි.පෙ නායක අනුර කුමාර දිසානායක ඉන්දියාවේ 'ද හින්දු' පුවත් පත සමග පසුගිය බදදා දින සිදු කළ සාකච්ඡාවකදී  තම පක්ෂයට දෙමළ ජාතික සන්ධානය සමග දිගු කාලීන සහයෝගීතාවයකට එළැඹීම සදහා විභවතාවයක් පවතින බවට ප්‍රකාශ කර තිබුණි.  එහිදි ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබුනේ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන්නේ මර්දනකාරි රාජ්‍යය විසින් මර්දනය කෙරුණු ලංකාවේ දකුණු සහ උතුරු ප්‍රදේශයන් බවයි. එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙමළ ජාතික සන්ධානය සමග අවංක සාකච්ඡාවක් කිසිදා සිදු නොකල බව පවසන හෙතෙම තවදුරටත් කියන්නේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට පොදු අරගලයක් පවතින බවයි.  ජ.වි.පෙ - TNA ඉදිරි හවුලක් පිළිබද අනුර කුමාර දිසානායකගේ මෙම ප්‍රකාශය මූලිකවම කාරණා ද්විත්වයක් හේතුවෙන් වැදගත් වේ. පළමු වැන්න නම් දෙමළ අරගලය සහ දෙමළ ජනයාගේ අභිලාෂයන් පිළිබද ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් සිටි දේශපාලනික සහ න්‍යායික ආස්ථානයේ සුසුමාදර්ශීය වෙනසක් පිලිබද සංඥාවක් ඒ තුල නිරීක්ෂණය කල හැකි වීමයි....

'රාජපක්ෂ අර්ථ ශාස්ත්‍රය' : නව ලිබරල් විරෝධී ද?

Image
  | අහිලන් කදිරගාමර්  ආ ණ්ඩුවේ සති තුනක ඛේදජනක ආණ්ඩු කාලය සහ පාර්ලිමේන්තුවේ පසුගිය දවස්වල රග දැක්වූ චණ්ඩිකම්වල සංදර්ශනය විසින් රට බරපතල දේශපාලන අර්බුදයකට ඇද දමා ඇත. ජනමාධ්‍යවල සහ ප්‍රසිද්ධ සාකච්ඡාවල මේ ගැන කෙරෙන අවධානය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලභාවය කෙරෙහි යොමු වී තිබෙන නමුදු වඩාත් ගැඹුරු ලෙස සලකා බලන්නේ නම්, අර්බුදයේ මූලය ගැබ්වී තිබෙන්නේ අස්ථාවරත්වය සහ අස්වාමීකරණය ඇති කිරීමට හේතු වී තිබෙන, දශක ගණනාවක් පුරාවට අනුගමනය කල නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන් තුලය. පසුගිය සති කිහිපය තුල, තමන්ගේ ජාතිකවාදී ව්‍යාපෘතිය ජනප්‍රිය කරවීම සදහා රාජපක්ෂ හිතවාදී න්‍යායධරයින් නව ලිබරල්වාදය පිලිබද විකෘති චිත්‍රයක් ඉදිරිපත් කිරීමට පටන් ගෙන තිබේ. ඔවුන් කියන පරිදි රාජපක්ෂව අගමැති ලෙස පත්කිරීම අවශ්‍ය වූයේ වසර තුනක කාලයක් තුල අනුගමනය කල නව ලිබරල් ආර්ථික පිලිවෙත් විසින් ඇති කල ආර්ථික විනාශය ආපසු හැරවීම සදහා සහ එමගින් ලංකාවේ ජාතික ස්වාධිපත්‍යයට වූ හානිය වලක්වා ගැනීම සදහාය. මෙම කියැවීම අනුව ලංකාවේ දේපල විදේශවලට විකිණීම නතර කිරීම සහ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරී...

පවතින දේශපාලන තත්වය හා එය වෙනස් කිරීම පිළිබද යෝජනාවක්.

Image
| කැළුම් නවරත්න විසිනි. 2015 ජනවාරි 08 අභිලාෂ යනු මොනවාද යන්න අපගෙන් බොහෝ දෙනා අසන පැනයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ධනවාදී සමාජ සැකැස්මක දේශපාලන සැකැස්ම ලෙස ශිෂ්ටාචාරය බිහිකරගත් සංකල්පයකි. නූතනවාදයට පෙර තිබූ සමාජ සැකැස්මේ ගැටළුවලට පිළිතුරක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද අදහස ගොඩනගන ලදී. නමුත් ධනවාදයේ අර්බුධය එහිම ප‍්‍රතිවිරෝධයන් විසින් අර්බුධයට යවද්දී මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද සංකල්පය ක‍්‍රමක‍්‍රමයෙන් හීන කරමින් එය සමස්ත සමාජ අර්බුධයකට පිළිතුරු සොයනවා වෙනුවට දක්ෂිණාංශික දේශපාලන ආධිපත්‍යය පිහිටුවාගැනීමට අදාළ තත්වයන් ඉටු කරගැනීම වෙනුවෙන් කඩේ යවන සංකල්පයක් වී හමාරය. බොහෝ දෙනා වර නගන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද අදහසේ නිර්මාතෘවරුන් කවුරුන්ද. 2015 ට මහින්ද රාජපක්ෂයේ ඒකාධිපති පාලනයට විරුද්ධව එයින් ආන්තීකරණය වූ ශිෂ්‍ය ප‍්‍රජාව , ප‍්‍රගතිශීලීන් , ගොවියන් , ධීවරයන් , සිට රතු පස්වල ජනතාව දක්වා නැගී සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙස බිහිවූවකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉබේ පහළ වෙන්නේ නැත. යම් කිසි මිනිස් ප‍්‍රජාවක් හෝ පන්තියක් සමාජ සැකැස්මක් තුළ තමන්ගේ දේශපාලන අදහස වර නැගීමේදි පාලක පන්තීන් විසින්...