Posts

සංවිධිත කම්කරු අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රති-ත්‍රස්ත පනතේ තර්ජනය

Image
[ ශිරන් ඉලන්පෙරුම - සමාජ සාධාරණත්වය සදහා මහජන ව්‍යාපාරය  2 018 ඔක්තෝබර් 9 වන දා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත ‘අඩු නපුරක්’ ලෙස සමාජය ඉදිරියේ හුවා දැක්වීමට ඇතැම් පාර්ශව විසින් කටයුතු කරනු දක්නට ලැබේ. කෙසේ වූවද, මෙම කෙටුම්පත විසින් කම්කරුවන්ගේ හා වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් සම්බන්ධයෙන් මතු කරන ගැටලු බොහෝ අය විසින් නොතකා හරින බව පෙනෙන්නට තිබේ. ප්‍රති-ත්‍රස්ත පනත යනු 1978 දී සම්මත කල ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත විස්ථාපනය කිරීම සදහා ඉදිරිපත් කරනු ලබන පනතකි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට තිබෙන්නේ කුප්‍රකට ඉතිහාසයකි. පුද්ගලයින් පැහැරගැනීම, චෝදනා ඉදිරිපත් නොකොට පුද්ගලයින් දීර්ඝ කාලයක් රැදවුම්භාරයේ තබාගැනීම, වධහිංසා පැමිණවීම සහ ජනවාර්ගික කණ්ඩායම්වලට එරෙහි වෙනස් කොට සැලකීම සදහා භාවිත කිරීම ආදී අවකල් ක්‍රියා ගණනාවක් සදහා පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මෙම පනත කාලාන්තරයක් පුරාවට වෘත්තීය සමිතිවල හා දෙමල සමාජයේ විවේචනයට පාත්‍ර විය. ස්වීය පනතක් ලෙස සලකන විට, ප්‍රති-ත්‍රස්ත පනත තුල එහි පූර්වගාමියා වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත...

බුද්ධිමතුන් ගැන ග්‍රාම්ස්චිගේ අදහස

Image
පහත ලිපිය ඉන්දීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ( Students' Federation of India) නිල ප්‍රකාශනය වන, Student Struggle  හි ඉංග්‍රීසි භාෂාවෙන් පල කරන ලද  What Gramsci Taught Us About Intellectuals යන ලිපියෙහි සිංහල පරිවර්තනයකි. ඉන්දීය ශිෂ්‍ය බලමණ්ඩලය ( Students' Federation of India) යනු සමස්ත ඉන්දීය ශිෂ්‍ය ව්‍යාපාරය වෙත නායකත්වය සපයනු ලබන වාමාංශික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයයි. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය අංශය ලෙස 1970 දී ආරම්භ කරන ලද ඉන්දීය ශිෂ්‍ය බලමණ්ඩලය අද වන විට සමස්ත ඉන්දියාවේම රාජ්‍ය විශ්වවිද්‍යාල තුල ඉගෙනුම ලබන මිලියන 4ට අධික ශිෂ්‍ය ප්‍රජාව වෙත සිය නායකත්වය ලබාදෙනු ලබයි.  මෙම ලිපිය අන්තෝනියෝ ග්‍රම්ස්චි නම් ඉතාලි ජාතික කොමියුනිස්ට්වාදියා විසින්  බුද්ධිමතුන්ගේ කාර්යය පිලිබද ඉදිරිපත් කළ අදහස් ආශ්‍රයෙන් සැකසූ සංක්ෂිප්ත සටහනකි.  1926 දී ෆැසිස්ට්වාදී පාලනතන්ත්‍රය විසින් සිරගත කළ පසු බන්ධනාගාරගතව සිටියදී ග්‍රම්ස්චි විසින් මාක්ස්වාදී න්‍යායාත්මක රචනා ගණනාවක් සිදුකරන ලදී. ඔහු  1937  දී සිරගතව සිටියදී මිය ගියේය.  සටහන - විජෙයි ප්‍රසාද් පර්වර්තනය ...

බර්නි සැන්ඩර්ස් සමග සංවාදයක්

Image
සමාජවාදී අදහස් සමග අනන්‍ය වන නව දේශපාලන ප්‍රවණතාවයක් ඇමරිකාව තුල පසුගිය කාලය පුරාවට ජනප්‍රිය වෙමින් තිබේ. මෙම ප්‍රවණතාවයේ අලුත්ම ප්‍රකාශනය වූයේ 2018 නොවැම්බර් මාසයේ  පැවැත්වුණු එරට මධ්‍ය-වාරික මැතිවරණ වටයේ දී සමාජවාදී අපේක්ෂකයින් ගණනාවක් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමය. මින් බොහෝ අය ‘ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රීය සමාජවාදියෝ’ (Democratic Socialists of America) සංවිධානය හා අනුබද්ධ අය වූහ. ස්වාධීන දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට කටයුතු කරන ගමන් ඩිමොක්‍රටික් පක්ෂයේ අවකාශය තුල සමාජවාදී ප්‍රතිපත්ති පිලිගන්නා අපේක්ෂකයින්ට ආධාර කිරීම හා ඒ තුල ක්‍රියාත්මක වීම සදහා මෙම සංවිධානය කටයුතු කරයි. තරුණ සමාජවාදී අපේක්ෂිකාවක වන ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටේස් විසින් නිවු යෝර්ක්වල දී වාර්තා කල ජයග්‍රහණය මේ අතර කැපී පෙනෙන ජයග්‍රහණයක් විය. පහත පලවන්නේ ඇමරිකානු සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් සමග ජැකොබින් සගරාව කල සම්මුඛ සාකච්ඡාවක සිංහල අනුවාදයයි. 2016 වර්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක තේරීම සදහා වූ මැතිවරණයේ දී හිලරි ක්ලින්ටන්ට තියුණු අභියෝගයක් එල්ල කල සැන්ඩර්ස් ඇමරිකාව තුල සමාජවාදී අදහස...

පට්ට ආතල් මැද නැට්ට ගිනිගැනීම

Image
[ නිශාන්ත බංඩාර විසිනි      ස තියේ දේශපාලන කතාබහ බේරුවලින් මතු වු කුඩු තොගය හා ජනාධිපතිවරයාගේ ‘‘113 සහ මන්ත්‍රී ලංසු“කතාව වටා බයිට් විය. විටෙක කලුතර රාජිතද, විටෙක ඇමරිකානු ගෝඨාභයද සහ ඔහු සමග සෙල්ෆි වී සිටින කලුතර කෆූර් වටා පමණක් නොව හම්බන්තොට චානක හා ඉපැරණි ගම්පොල දිමු පවා මතක් කරමින් ඒ වටා ගෙතුනු ‘කුඩු‘කේඩු කතා හිටු කියමින් ෂෙයාර් විය. මේ අතර ‘මහාවංශයට‘ පසු ලංකාවේ ඉතිහාසය නැවත ලියවෙන ‘සොරවංශයට‘ අලුත් ජාතක කතාවක් එක් කරමින් මහින්ද රාජපක්ෂයන්ට බහුතරය අහිමිවූ සැටි දේශනා කළ මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපතිවරයාගේ දහම් දෙසුමට සාදු කාර දීමට කවුරුත් එකත්පස් විය. ඔව්වා මෙව්වා එහෙම වෙද්දී, රනිලියානු ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙයුම අඛණ්ඩ අරගලයේ ඉදිරියට ඇදෙන්නට විය.‘113 පෙන්වීම හා විශ්වාසවන්ත රනිල්‘ නමින් ඉදිරියට ඇදුනු මෙම කතාන්දරයට රාජපක්ෂානු ප්‍රජාතන්ත්‍රවාදීන් ගෙනා එකම විචාරය වූයේ නැතිනම් ප්‍රතිකතාන්දරය වූයේ චිරාගත ‘කොටි නැගිටීමේ‘ මෙගා ටෙලියේ තිර පිටපත අප්ඩේට් කිරීමය. නමුත් ඉතා සියුම් ලෙස මෙම පිටපත තුල මේ ඊයේ පෙරේදා ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා දෙමල රුදවියන් (සටන්කා...

ප්‍රජාතන්ත්‍රවාදයේ හැදි සහ හොදි

Image
[ නිශාන්ත බණ්ඩාර විසිනි     මේ දින වල කාගේතේ මුවග රැව් දෙන වචනයක් වි ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාද යයි. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා වෙත අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමේ සිදු වීම කේන්ද්‍ර කරගෙන මතු වූ මෙම සාකච්ඡාව අද සෑම දෙනාගේම මාතෘකාව වී ඇත්තේ ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ යන්නයි. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය යන්න එක වචනයක් වුවත් විවිධ අය මේ ගැන කතා කරන්නේ විවිධ අරුතින් වීම විශේෂ කරුණකි.  රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් එය කේන්ද්‍ර කරන්නේ බලහත්කාරී අත්තනෝමතික ලෙස වත්මන් ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂ අගමැති ධූරය වෙනස් කිරීම මුලට තබාගෙනය. මහින්ද රාජපක්ෂ මහතා හා පොදු ජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ පාර්ලිමේන්තුව තුලදි කතානායකවරයා මූලිකව අලුත පත් කළ ආණ්ඩුවට සිය කටයුතු කරගෙන යාමට කරන බාධාවන් මූලට තබාගෙනය. ජනතා විමුක්ති පෙරමුණ හා එහි හිතවතුන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ ‘ව්‍යවස්තා විරෝධී ලෙස‘ සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය මුලට තබාගෙනය. පෙරටුගාමී සමාජවාදි පක්ෂය ඇතුලු එහි හිතවතුන් මෙය සලකන්නේ...

සිරා මරා නැත - මරා සිරා නැත : ජනාධිපති වියරුවට එරෙහි 'ජන අණසක' විරෝධතාවය හෙට කොළඹ දී

Image
ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය ඔක්තෝබර් 26 වන දා මහින්ද රාජපක්ෂ අගමැතිධූරයට පත්කිරීමට ගත් තීන්දුව සමග ඇති වී තිබෙන අත්තනෝමතික දේශපාලන වාතාවරණය සදහා විරෝධය පල කරනු උදෙසා 'ජන අණසක' සංවිධානය විසින් කැදවා තිබෙන උද්ඝෝෂණයක් හෙට දින (දෙසැම්බර් 05)  පස්වරු 4.00 ට කොලඹ කොටුව දුම්රියපොල ඉදිරියේ දී පැවැත්වේ. පස්වරු 3.30 ට මරදාන ටෙක්නිකල් හන්දියෙන් පා ගමන ආරම්භ වන අතර එය කොටුව දුම්රියපොල දක්වා ගමන් කිරීමට නියමිතය. එම සංවිධානය විසින් නිකුත් කල අත් පත්‍රිකාවේ සටහන අප පහත පල කරමු.  අලුත් ජනරජයක් සඳහා පෙළ ගැසෙමු! 2018 ඔක්තෝබර් 26 වන දින සිට අප රට තුල දිගහැරෙන ක්‍රියාදාමය තුල අපි දකින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථානුකූල නොවන ආකාරයකින් අත්තනෝමතික ලෙස බලය යොදාගනිමින් රාජ්‍යය පාලනය කරන ආකාරයයි. අගමැතිවරයා ඉවත් කිරීම, පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කිරීම සහ ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව මේ අත්තනෝමතිකභාවයේ සලකුණුය. ජනාධිපතිගේ මේ අත්තනෝමතික හැසිරීමට අප බරපතල විරෝධය පල කල යුතුය. එහෙත් අනෙ...

අනුර දිසානායකගේ TNA හැරවුම

Image
| ඉෂාන් චාමර  ජ .වි.පෙ නායක අනුර කුමාර දිසානායක ඉන්දියාවේ 'ද හින්දු' පුවත් පත සමග පසුගිය බදදා දින සිදු කළ සාකච්ඡාවකදී  තම පක්ෂයට දෙමළ ජාතික සන්ධානය සමග දිගු කාලීන සහයෝගීතාවයකට එළැඹීම සදහා විභවතාවයක් පවතින බවට ප්‍රකාශ කර තිබුණි.  එහිදි ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබුනේ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන්නේ මර්දනකාරි රාජ්‍යය විසින් මර්දනය කෙරුණු ලංකාවේ දකුණු සහ උතුරු ප්‍රදේශයන් බවයි. එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙමළ ජාතික සන්ධානය සමග අවංක සාකච්ඡාවක් කිසිදා සිදු නොකල බව පවසන හෙතෙම තවදුරටත් කියන්නේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට පොදු අරගලයක් පවතින බවයි.  ජ.වි.පෙ - TNA ඉදිරි හවුලක් පිළිබද අනුර කුමාර දිසානායකගේ මෙම ප්‍රකාශය මූලිකවම කාරණා ද්විත්වයක් හේතුවෙන් වැදගත් වේ. පළමු වැන්න නම් දෙමළ අරගලය සහ දෙමළ ජනයාගේ අභිලාෂයන් පිළිබද ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් සිටි දේශපාලනික සහ න්‍යායික ආස්ථානයේ සුසුමාදර්ශීය වෙනසක් පිලිබද සංඥාවක් ඒ තුල නිරීක්ෂණය කල හැකි වීමයි....