විජේවීරවාදී මත්පැන් තහනම සහ ලාල් කාන්තගේ 'ක්‍රියාව'
2004 මහ මැතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ පලමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව සන්ධානගතව තරග කල අතර එම මැතිවරණය සදහා එම පක්ෂය එක්තරා පුවත්පත් දැන්වීමක් පල කලේය. එය ඒ ඒ දිස්ත්‍රික්කවලින් ජවිපෙන් ඡන්දය ඉල්ලන අපේක්ෂකයින් සියලු දෙනාගේ කුඩා මුහුණත ඡායාරූප සහිත පිටුවක් පුරා විහිදෙන විශාල දැන්වීමක් විය. එහි මුදුනේ වූ හැදින්වීමෙහි ඔවුන්ව හදුන්වා දී තිබුණේ, වෙනත් කරුණු අතර, චාම් පැවැත්මක් සහිත මතින් හා දුම්පානයෙන් වැලැකුණු අල්පෙච්ඡ පිරිසක් ලෙසය. එම මැතිවරණය සදහා විජිත හේරත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ලාල් කාන්ත අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ද තරග කලේය. පසුගිය දිනෙක ලාල් කාන්ත සහෝදරයා මත්පැන් පානය කොට රිය පදවමින් සිටිය දී කල රිය අනතුරක් නිසා රක්ෂිත බන්ධනාගාරගත වීමත් සමග සමාජයේ විවිධ පිරිස් ඒ ගැන ජනතා විමුක්ති පෙරමුණින් ප්‍රශ්න කරන්නේ තම සාමාජිකත්වය මත් පැන් පානයෙන් වැලැකුණු පිරිසක් බවට ජවිපෙ විසින්ම කාලයක් තිස්සේ ගොඩනගා තිබෙන මතවාදය නිසාවෙනි. මෙම මත්පැන් විරෝධය ජනතා විමුක්ති පෙරමුණු සම්ප්‍රදායට සුවිශේෂී වූ සංස්කෘතිකාංගයකි. ( ජනතා විමුක්ති පෙරමුණු සම්ප්‍රදාය යන්නට ඉන්න බ...