Posts

සිංහල ජාත්‍යානුරාගයේ ප්‍රතිරූප දෙකක් : ඉරාජ් වීරරත්න සහ එදිරිවීර සරච්චන්ද්‍ර

Image
I මීට අවුරුදු ගනනාවකට ප්‍රථම - ඒ කියන්නේ 1990 දශකයේ අග භාගයේ - භාතිය සහ සංතුෂ් පලමුවරට ‘වසන්තයේ’ නම් ගීතය ගායනා කරමින් සිංහල සංගීත ලෝකයට ප්‍රවිෂ්ට වූහ. මේ දෙපොලගේ සංගීත ආගමනය එවකට මහත් ආන්දෝලනයක් ඇති කලේ ඔවුන් ඇතැම් පැරණි සිංහල ගීතවලට ඉංග්‍රීසි බසින් යෙදෙන රැප් එකතු කොට ඒවා යලි ගායනය කල නිසාය. එකල ඔවුන්ට විරුද්ධ වූ ප්‍රවීණයින් අතර ප්‍රමුඛයෙක් වූයේ වික්ටර් රත්නායකය. එක්තරා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් වික්ටර් රත්නායක ඒ කාලයේ පැවසුවේ මේ යන විධිහට ගියොත් සීගිරි අප්සරාවන්ට බිකිනි අන්දනු ඇති බවත්, මඩොල් දූවේ උපාලි සහ ජින්නා දූපතෙහි සමලිංගික රැගුම් පානු දැක්වෙන චිත්‍රපට නිර්මාණය වනු ඇති බවත්ය. භාතිය සංතුෂ් ලංකාවේ සංගීතය තුල එක්තරා විධිහක නව ප්‍රවණතාවයක පුරෝගාමියෝ වෙති. වික්ටර් රත්නායක පන්නයේ ප්‍රවීණයෝ සංගීතය කල යුගය - ලියනගේ අමරකීර්තිගේ කුරුලු හදවත නවකථාවේ විස්තර වන - ප්‍රේමකීර්ති හා සුමනා නෙල්ලම්පිටිය වැනි අය ගුවන්විදුලිය තුල ආධිපත්‍යය දැරූ යුගයයි. මේ යුගයේ සිංහල සංගීතයේ අධිපති ධාරාව නිර්වචනය වූයේ වාණිජ්‍යමය ප්‍රේරණයන් තුලින් නොවේ. 90 දශකය මැද භාගයේ ඇති වූ එෆ්එම් ගුවන් වි...

ජුලියන් අසාන්ජ් අපායේ දොරටුව පාමුල

Image
[ ටරික් අලී ඉක්වදෝරයේ තානාපති කාර්යාලයේ හෙතෙම ලැගුම් ගෙන සිටිය දී ජුලියන් අසාන්ජ්ව බැලීම පිණිස මා කිහිප වතාවක් ගොස් ඇත. ඒ රෆායල් කොරයා ඉක්වදෝර ජනාධිපති ලෙස සිටි කාලයේදීය. ඒ කාලයේ එම තානාපති පරිශ්‍රය තුල නිදහස්කාමී අවකාශයක හැගීම විය. මීට සති කිහිපයකට ප්‍රථම මම යලිත් ඔහුව හමුවීමි. ඒ වනවිට කොරයාගේ අනුප්‍රාප්තිකයා වූ ලෙනින් මෙරේනෝ සෑම තලයකදීම ඇමරිකානු අධිරාජ්‍යයට යටත් වී තිබුණි. තානාපති කාර්යාලය සිරගෙයක් බවට පත්වෙමින් තිබුණු අතර අසාන්ජ්ගේ සෞඛ්‍ය තත්වය පිරිහෙමින් පැවැතිණ. ඔහුව පිටුවහල් කරන බවට එක්සත් ජනපදය මොරේනෝගෙන් ඉල්ලා තිබෙන බව සහ ඒ අනුව ඔහුව  පිටුවහල් කෙරෙනු ඇති බවට ඒ වනවිට හෙතෙම දැන සිටියේය. ඔහුව උදර්පණය කරන ලෙස එක්සත් ජනපදය කරනු ලැබූ ඉල්ලීම තවදුරටත් රහසක් නොවීය. ඒ අනුව අද දින ඉක්වදෝර තානාපති කාර්යාලය අසාන්ජ්ව බ්‍රිතාන්‍ය පොලිසියට භාර දුන්නේය. අප ජීවත් වන්නේ නීතිවලට ගරු කරන ලෝකයක නම්, ඇප රීතිවලට අවනත නොවීම සම්බන්ධයෙන් අසාන්ජ්ට එරෙහිව චෝදනා ගොනු කෙරෙනු ඇති අතර එක්කෝ ඔහුට දඩ ගසනු ඇත; නැතිනම් සති කිහිපයකට බන්ධනාගාරගත කෙරෙනු ඇත. එසේත් නැතිනම් ඔහුගේ උපන් රට වූ ඔස්ට්‍රේලි...

අය වැය සහ කම්කරු නීති ප්‍රතිසංස්කරණ : නියාමනය දුර්වල කිරීම සදහා වූ ට්‍රෝජන් අශ්වයෙක්

Image
[ ලක්මාලි හේමචන්ද්‍ර 2015 වර්ෂයේ දී බලයට පත් වූ තැන් පටන් යහපාලන ආණ්ඩුව විසින් ඉදිරිපත් කල සෑම අයවැයක්ම මහත් අවධාරණයකින් යුක්තව කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සදහා වූ අවශ්‍යතාවය ප්‍රකාශ කලේය. 2019 අය වැය යෝජනා ශ්‍රම බලකාය තුල කාන්තා සහභාගීත්වය ඉහල නැංවීම සදහා වූ උපාය මාර්ගයක් ලෙස කම්කරු නීති ප්‍රතිසංස්කරණය හදුන්වා දී තිබේ. මුදල් අමාත්‍යවරයාට අනුව ‘අනම්‍ය කම්කරු නීති’ - වෙනත් කරුණු අතර - ‘කාන්තාවන් ශ්‍රම බලකාය අත් හැර යාමට හෝ ශ්‍රම බලකායට කිසිසේත්ම ඇතුලුත් නොවීමට බලපාන හේතුවක් ලෙස හදුනාගනු ලැබ ඇත 1 ’. මේ පදනම මත කාන්තාවන්ව ශ්‍රම බලකායට ඇතුලත් කිරීම සදහා වූ ක්‍රියාමාර්ග ලෙස අර්ධකාලීන සේවය ප්‍රවර්ධනය කිරීම, නම්‍යශීලී වැඩ මුර හදුන්වාදීම හා නිවසේ සිට වැඩ කිරීම සදහා පහසුකම් සැපයීම ආදිය සිදුකෙරෙන ආකාරයට කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සදහා යෝජනා ඉදිරිපත් කොට තිබේ. සියලුම කම්කරු නීති එක් තනි නීති සංග්‍රහයක් තුලට සංයුක්ත කිරීම සදහා කම්කරු අමාත්‍යවරයා විසින් මේ වනවිට ගෙන යනු ලබන වැඩපිලිවෙල සමග මෙකී යෝජනා සහසම්බන්ධිතය.   ලංකාවේ කම්කරු නීති ප්‍රතිසංස්කරණ සදහා වූ යෝජනාවල ඉතිහ...

2019 අය වැය : මිල්ටන් ෆ්‍රීඩ්මාන්ට සුබසාධනවාදී වෙස්මුහුණක් දැමීම

Image
 [ අමාලි වෙදගෙදර  2019 වර්ෂය සදහා රජය පසුගිය දා ඉදිරිපත් කල අය වැය මූල්‍ය සමාගමක් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ණය පහසුකම් ලැයිස්තුවකට වෙනස් නැත. දරිද්‍රතාවය, විරැකියාව, කෘෂිකර්මය හෝ ධීවර කර්මාන්තය ආදී ක්ෂේත්‍රවල දක්නට ලැබෙන පරිහාණිය හෝ 2018 වර්ෂයේ දී දක්නට ලැබුණු රුපියල අවප්‍රමාණය වීම නිසා ඇති වූ සාර්ව ආර්ථික අස්ථායිතාවය ස්ථාවර කිරීම ආදී සමාජ ආර්ථික ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම සදහා වගකීම්සහගත ආණ්ඩුවක් විසින් ඉදිරිපත් කරන අය වැය හා මූල්‍ය පිලිවෙත්වලින් යුක්ත වැඩපිලිවෙලක ස්වභාවය ඒ තුල දක්නට නැත. විසල් සුබසාධන වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන වේෂයෙන් ආණ්ඩුව ශ්‍රී ලංකාව තුල ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සදහා යැයි කියමින් විවිධ ණය යෝජනා ක්‍රම පිලිබද යෝජනා සමුදායක් ඉදිරිපත් කොට තිබේ. ද්විත්ව ණය අර්බුදයකට මුහුණ දී සිටින රටක, එනම් ජාතික මට්ටමින් වගේම කුටුම්භ මට්ටමින් ද ණය ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් ලෙස පවතින රටක ණය ගැනීම් තවදුරටත් ප්‍රවර්ධනය කරන මෙබදු ‘ණය - සුබසාධන’ ප්‍රතිපත්තියක් ඛේදනීය ප්‍රතිඵල ඇති කිරීමෙහිලා සමත්ය. මෙරට තුල 1977 සිට ක්‍රියාත්මක කල ආර්ථික ප්‍රතිපත්ති දෙස බලන ...

විජේවීරවාදී මත්පැන් තහනම සහ ලාල් කාන්තගේ 'ක්‍රියාව'

Image
2004 මහ මැතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ පලමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව සන්ධානගතව තරග කල අතර එම මැතිවරණය සදහා එම පක්ෂය එක්තරා පුවත්පත් දැන්වීමක් පල කලේය. එය ඒ ඒ දිස්ත්‍රික්කවලින් ජවිපෙන් ඡන්දය ඉල්ලන අපේක්ෂකයින් සියලු දෙනාගේ කුඩා මුහුණත ඡායාරූප සහිත පිටුවක් පුරා විහිදෙන විශාල දැන්වීමක් විය. එහි මුදුනේ වූ හැදින්වීමෙහි ඔවුන්ව හදුන්වා දී තිබුණේ, වෙනත් කරුණු අතර, චාම් පැවැත්මක් සහිත මතින් හා දුම්පානයෙන් වැලැකුණු අල්පෙච්ඡ පිරිසක් ලෙසය. එම මැතිවරණය සදහා විජිත හේරත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ලාල් කාන්ත අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ද තරග කලේය. පසුගිය දිනෙක ලාල් කාන්ත සහෝදරයා මත්පැන් පානය කොට රිය පදවමින් සිටිය දී කල රිය අනතුරක් නිසා රක්ෂිත බන්ධනාගාරගත වීමත් සමග සමාජයේ විවිධ පිරිස් ඒ ගැන ජනතා විමුක්ති පෙරමුණින් ප්‍රශ්න කරන්නේ තම සාමාජිකත්වය මත් පැන් පානයෙන් වැලැකුණු පිරිසක් බවට ජවිපෙ විසින්ම කාලයක් තිස්සේ ගොඩනගා තිබෙන මතවාදය නිසාවෙනි. මෙම මත්පැන් විරෝධය ජනතා විමුක්ති පෙරමුණු සම්ප්‍රදායට සුවිශේෂී වූ සංස්කෘතිකාංගයකි. ( ජනතා විමුක්ති පෙරමුණු සම්ප්‍රදාය යන්නට ඉන්න බ...

අල්ලාගැනීමට ලක්වූ , තුවාල ලත් අපගේ හදවත් : ඉන්දු පකිස්ථාන ගැටුම ගැන අරුන්දතී රෝයි

Image
පහත පලවන්නේ පසුගිය දා පකිස්ථානයට ඉන්දියාව විසින් කල ගුවන් ප්‍රහාරය සමග ඇති වූ ආතතිසහගත තත්වය ගැන ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි විසින් තබන ලද සටහනක සිංහල අනුවාදයයි . ලෝක පූජිත නවකථාකාරියක වන අරුන්දතී රෝයි දේශපාලනය පිලිබද විවේචනාත්මක අදහස් දක්වන්නියක ද වන්නීය.  පකිස්ථානයේ බලාකෝට්වලට එල්ල කල සිය වගකීම් විරහිත ‘පූර්වේක්ෂිත’ ගුවන් ප්‍රහාරයත් සමග අගමැති නරේන්ද්‍ර මෝඩි අචේතනිකව වුව සිදු කොට තිබෙන්නේ මෙතෙක් කල් පැවැති ඉන්දීය ආණ්ඩු ප්‍රාතිහාර්යමය ලෙස පසුගිය දශක ගණනාව පුරාවට එල්බ ගෙන සිටි එක් ආස්ථානයක් නිශේධ කිරීමය. කාශ්මීරයේ තිබෙන ගැටුම සදහා ජාත්‍යන්තර බේරුම්කරණයක් අවශ්‍ය බවට යෝජනා වූ සෑම අවස්ථාවකදීම, 1947 සිටම ඉන්දීය ආණ්ඩුව එම යෝජනා පසෙකට විසි කොට දැමීම සදහා ඉදිරියට දැමූ ස්ථාවරය වූයේ එම ප්‍රශ්නය ඉන්දියාවේ ‘අභ්‍යන්තර ප්‍රශ්නයක්’ බවයි. පකිස්ථානය ප්‍රතිප්‍රහාරයකට පොලඹවා ගැනීම තුලින් සහ ඒ හරහා ඉන්දියාව හා පකිස්ථානය ඉතිහාසයේ එකිනෙකා වෙත බෝම්බ ගසාගත් න්‍යෂ්ඨික ආයුධ සහිත පලමු රටවල් දෙක බවට පත්කරමින් මෝඩි කාශ්මීර ගැටුම ජාත්‍යන්තරකරණයට ලක් කොට තිබේ. න්‍යෂ්ඨික යුද්ධයක් සදහා වේදිකාව සැපයීම ම...

කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීමට එරෙහි වතු හාම්පුතුන්ගේ ප්‍රතිචාරවල වංචනිකත්වය

Image
[ ධනූෂ පතිරණ ‘කිරිඇල්ලගේ ප්‍රකාශයට වැවිලිකරුවෝ පිලිතුරු දෙති’ යන හිසින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය 2019 පෙබරවාරි මාසයේ ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ ලිපියක් පල කල අතර වතුවල දෛනික මූලික වැටුප රුපියල් 500 සිට 1000 දක්වා වැඩි කිරීම යථාර්තවාදී ලෙස සිදුකල නොහැක්කේ ඇයිදැයි පැහැදිලි කිරීම එම ලිපියේ අරමුණ වී තිබුණි. එම සංගමයේ මෙම කියාපෑම වතු කම්කරුවන් විසින් වාර්ෂිකව නිෂ්පාදනය කරන අති මහත් අතිරික්තය සැගවීම සදහා සිතා මතා නිර්මාණය කරන ලද ව්‍යාජයක් වන්නේ කෙසේදැයි පැහැදිලි කිරීම මෙම සටහනේ අරමුණයි. ජීවත් වීමට සුදුසු වැටුපක් සදහා එම කම්කරුවන් නගන ඉල්ලීම යටපත් කිරීම සදහා මෙම ව්‍යාජ කියාපෑම යොදාගනු ලැබේ. ‘නූතන වැවිලිකරුවන්’ යන නොමග යවන සුලු වචනයෙන් හදුන්වනු ලබන, වාණිජ ධනපති කණ්ඩායමක් විසින්, වතු ක්ෂේත්‍රයේ උත්පාදනය වන සුවිසල් අතිරික්තය, සංසරණ ක්‍රියාවලිය තුල, වංචනික ලෙස ඩැහැ ගන්නා අතර, අතිරික්තය නිෂ්පාදන කිරීම සදහා 19 වන සියවසේ මුල් භාගයේ දක්නට ලැබුණු ආකාරයේ යල් පැන ගිය ආකෘතීන් යොදාගන්නා ආකාරය මෙම සටහන තුල පැහැදිලි කෙරෙනු ඇත. වැටුප් වැඩි නොකිරීම සාධාරණීකරනය කිරීම සදහා වතු හිමියන් විස...